හයිටියේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

හයිටි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අවිගත් කල්ලි හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර වීථිවල සරසමින් ප්‍රචණ්ඩව හැසිරෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි දැක්වෙන්නේ හයිටි රාජ්‍යයේ  ශ්‍රී ලාංකිකයන් සේවය කරන සමාගම් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වී සිටින බවත් මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බවත්ය.

එසේම ඔවුන් නොසන්සුන්තාව පවතින ප්‍රදේශවලට ඈතින් වාසය කරන බවත් එම සමාගම් තහවුරු කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය එහි සඳහන් කර තිබෙනවා..

හයිටි රාජ්‍යය වෙත ප්‍රතීතනය කර ඇති කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.