ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.
ඔහු මීට පෙර 11 වන ස්ථානයේ රැඳී සිටි අතර ස්ථාන 3ක් පෙරමුණට පැමිණෙමින් නවතම ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ 08 වන ස්ථානට පත්ව තිබෙනවා.
ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 711කි.
තවදුරටත් එහි පෙරමුණේ සිය ස්ථානය රැකගැනීමට පාකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 824ක් හිමිකරගනිමින්ය.

