දකුණේ ගුරුවරුන්ටත් ටියුෂන් තහනමක්

තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම තහනම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සඳහන් කරනු ලැබුවේ ඉකුත් ජනවාරි මාසයේදී වනවා.

ඒ අනුව මේ වන විට එම තහනම බලපැවැත්වෙමින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.