සෙවනගල පොලිස් වසමට අයත් නුගේගලයාය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසි නවදෙනෙකු ආහාරය විස වීමෙන් සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහලට ඇතුළත් කර ඇති පිරිස අතර සිසුන් 26 දෙනෙකු සහ සිසුවියන් 03 දෙනෙකු සිටින බවයී රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
රාත්‍රි ආහාරයට ගත් බැදපු මාලු වර්ගයක් විසවන්නට ඇතැයි සැකකරන බවයි රෝහල වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේවෙතත් මෙම සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වනවා.

