පුරාවිද්‍යා නීතිය සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
පුරාවිද්‍යා නීතියේ ගැටලු මතුවී ඇති බවත් එම තත්වය අවබෝධ කොටගෙන මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
පසුගිය අටවෙනි සිකුරාදා වව්නියාවෙ කෝවිලක පූජාවක් කරමින් සිටි 8දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මල නාදන් මහතා මතු කළ පැනයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
මේ වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා.
පුරාවිද්‍යා නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා අත්අඩංගුවට ගෙන ඇත. පුරාවිද්‍යා නීතිය දැඩි කර ඇත මහේස්ත්‍රාත්වරයෙකුට ඒ සම්බන්ධයෙන් ඇපදිය නොහැකිය . අධිකරණයේ ඇති කටයුතුවල ට මැදිහත් විය නොහැකිය. එහෙත් මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කර උසාවියට දැනුම්දීමට ක්‍රියාකරනවා.

