ලිට්‍රෝ ගෑස් ගන්න ආයෝජකයන් 14ක් ඉදිරිපත් වෙයි

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අභිලාෂ කැඳවීම ඊයේ පස්වරුවේ 2 න් අවසන් වුණා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ එහි දී ආයෝජකයින් 14 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇති බවයි.

ලාෆ් ලංකා සමාගම මෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් කිහිපයක සමාගම් විසින් මෙම අභිලාෂ ඉදිරිපත් කර ඇති බව සඳහන්.