දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට දුරකථන අංකයක්

දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංකයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 107 පොලිස් හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි වනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවය.