එළැඹෙන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ඇති බවයි සඳහන් වෙන්නේ.
දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඊයේ (15) එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල මෙන්ම උඩවලව කළාපයේ තෝරාගන්නා කුඹුරු හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා කිරීම මේ යටතේ සිදු කෙරෙනවා.

