ආධාර රැගත් Open Arms ගාසා වෙරළට ලඟා වෙයි

සහල්, පිටි, පරිප්පු, බෝංචි, ටූනා සහ ටින් කළ මස් ඇතුළු ටොන් 200ක ආහාර ආධාර රැගෙන සයිප්‍රසයෙන් පිටත්වූ ඕපන් ආම්ස් නෞකාව ගාසා තීර වෙරලට ගොඩ බසා තිබෙනවා.

මෙම නෞකාව මෙහෙයවනු ලැබුවේ ස්පාඤ්ඤ ආධාර කණ්ඩායමක් වන Open Arms විසින් වන අතර ආහාර එවා ඇත්තේ සුප්‍රසිද්ධ සූපවේදී Jose Andres විසින් ආරම්භ කරන ලද ආයතනයක් වන World Central Kitchen විසින් බවයි වාර්තා වෙන්නේ.

මෙම ආහාර බෙදා හැරීම සඳහා ට්‍රක් රථ 12 කට පටවා තිබෙනවා.