රටවල් කිහිපයක McDonald අවන්හල්වල තාක්ෂණික දෝෂයක්

ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං සහ එක්සත් රාජධානිය ඇතුළු විවිධ රටවල McDonald අවන්හල්වල යම් තාක්ෂණික දෝෂයක් හට ගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් බොහෝ අවන්හල් තාවකාලිකව වසා දැමීමට ද සිදු වී ඇති අතර McDonald App එක හා Online හරහා ආහාර ඇනවුම් කිරීමට ද බාධා එල්ල වී තිබෙනවා.

මේ වන විට මෙම දෝෂය යථා තත්ත්වයට ගැනීමට අවශ්‍ය පියවර සිදු කරමින් පවතින බවයි McDonald හි කලමනාකර මණ්ඩලය සඳහන් කරන්නේ.

ජපානයේMcDonald අවන්හල් 3,000 කට ආසන්න ප්‍රමාණයක්, එක්සත් රාජධානියේ McDonald අවන්හල් 1,500 කට ආසන්න ප්‍රමාණයක් සහ ඕස්ට්‍රේලියාවේ McDonald අවන්හල් 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් වසා දමා තිබෙනවා.