කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ යෝජනාව මාර්තු 19 සහ 20 යන දෙදින තුළ විවාදයට ගනු ඇත.
එසේම එහි ඡන්ද විමසීම 20 වනදා සවස පැවැත්වීමට ද අද (14) රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

