කුවේට් රටෙහි රැකියා අවස්ථා දෙන බව පවසා, ලක්ෂ ගණනින් මුදල් වංචා කොට සැඟවී සිටින පුද්ගලයෙක් ගැන තොරතුරු වාර්තා වී තිබෙනවා.
මොහු නමින් මනෝජ් ඩයස්… මේ වෙනකොට පුද්ගලයින් 15 දෙනෙකුට රැකියා දෙන බව පවසා ලක්ෂ ගණනින් මොහු මුදල් වංචා කර තිබෙන අතර මේ වන විට ඔහු එම ප්රදේශයෙන් පලා ගොස් ඇති බව සඳහන් වෙනවා.
දවසින් දවස විසා කල් යන බව පවසමින් මුදල් ලබා දුන් පුද්ගලයින් මුලා කර ඇති අතර, මේ හේතුවෙන් මොහු ගැන මෙම පුද්ගලයින්ට සැකයක් ඇතිවී තිබෙනවා… ඒ අනුවයි මොවුන් සැකකරු ගැන සොයන්නට පටන්ගෙන තිබෙන්නේ…
මේ වෙද්දිත් එම පුද්ගලයින් 15 දෙනාගෙන් 13 දෙනෙකුගේම පාස්පෝට් පවා ඔහු භාරයේ පවතින බවයි වාර්තා වෙන්නේ…
” 314/^ /4/12, උස්වැටකෙයියාව, දෙල්ගහාවත්ත, වත්තල යන ලිපිනයේ පදිංචි බව කියන මෙම සැකකරුවා එම ලිපිනයම ඉදිරිපත් කර තමන්ගේ පදිංචිය මෙය බවට අදාල පිරිසට පවසා තිබෙනවා..
මේ වංචාව සදහා මොහුගේ බාලවයස්කාර පුතුද සම්බන්ධ වී ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ…
මොහු ගැන තොරතුරක් දන්නා කෙනෙකු ඉන්නවා නම් ළඟම පොලීසියට හෝ පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි මෙම වංචාවට හසුවූ පුද්ගලයින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
0769601002 / 0766762878 / 0702989652/
0715202275 / 0783616119


