ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

ස්පාඤ්ඤයේ Valencia නගරයේ උස් මහල් නිවාස සංකීර්ණයක ඇති වූ දැවැන්ත ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහල් 14කින් යුත් ගොඩනැගිල්ලක ගින්න පැතිර ගොස් ඇති අතර පසුව එය යාබද ගොඩනැගිල්ලකටද පැතිර ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ගිනි නිවන භටයින් හය දෙනෙකු සහ කුඩා දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් නවදෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

අධික සුළං හේතුවෙන් ගිනිදැල් පැතිරීම වේගවත් වූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

මෙම ගොඩනැගිල්ල මහල් නිවාස 138කින් සමන්විත වන අතර එහි නිවැසියන් 450ක් වාසය කරනවා.