ඇමරිකානු පෞද්ගලික සමාගමක් සඳ මත යානයක් ගොඩබස්වයි

වාණිජ අභ්‍යවකාශ ගවේෂණයේ නව පියවරක් සටහන් කරමින් නාසා ආයතනය සහ පෞද්ගලික සමාගමක් එක්ව පළමුවරට සඳ මතට රොබෝ යානයක් ගොඩබස්වා තිබෙනවා.

අමෙරිකාවේ Intuitive Machines නැමති එම ආයතනය, Elon Musk ගේ Space X සමාගමට අයත් පෝල්කන් 9 වර්ගයේ රොකට්ටුව මඟින් මෙලෙස ගොඩබස්වා ඇත්තේ Odysseus නැමති රොබෝ යානයක් වනවා.

සඳේ දක්ෂිණ ධ්‍රැවයේ මැලපර්ට් ඒ නැමති ආවාටයට පතිත කර වූ මෙම යානයෙන් අමෙරිකානු චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් චන්ද්‍රයාගේ විවිධ අවධීන් නිරූපණය කිරීම සඳහා නිර්මාණය කරන ලද කුඩා මූර්ති 125ක්ද යවා තිබුණා.

ඒ අනුව, එය සඳ මතුපිටට යැවුණු පළමු කළා කෘති බවටද එය පත්වනවා.

මෙම යානයේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා ඇත්තේ චන්ද්‍රයා මත වූ දූවිලි සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමයි.