ඉදිරි මැතිවරණය ගැන පාඨලීගෙන් අනාවැකියක්

මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ජනතාව ක්ෂේත්‍ර රැසකින් පීඩනයට පත්ව සිටින අවස්ථාවක වත්මන් රජයට ජනතා අප්‍රසාදය එල්ල වී තිබෙන බවයි

වර්තමානයේ දී පොදුජන පෙරමුණට පක්ෂපාත පිරිස සියයට 9 ක් පමණක් නමුත් පාර්ලිමේන්තුවේ සියයට 51 ක බලයක් ඔවුන් සතුව තිබීම අසාධාරණ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.