චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් Starbucks වෙතින් ඌරු මස් රසැති latte එකක් හඳුන්වා දී තිබෙනවා.
මෙය limited edition එකක් ලෙස දක්වා ඇති අතර එහි ඉංග්රීසි නම වන්නේ Lucky Savory Latte වනවා.
Espresso සහ “Dongpo pork” sauce මෙන්ම Steamed milk වල එකතුවකින් මෙම විශේෂ latte එක සාදා තිබෙනවා.
එය චීනයේ නම් කරන ලද Starbucks shops හරහා පමණක් ලබා ගත හැකි වන අතර එහි මිල යුවාන් 68 ක් එනම් ඇමරිකානු ඩොලර් 9.50 ක් වනවා.
මෙම අලුත් latte එක සඳහා මිශ්ර ප්රතිචාර ලැබී ඇති අතර ඇතැමුන් සඳහන් කරන්නේ එය මිහිරි හා ලුණු සහිත රසයක් දනවන බවයි.


