විරෝධතාවක් අතරතුර ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

විරෝධතා පාගමනක් පවත්වමින් සිටි ඉන්දීය ගොවීන්හට කඳුළු ගෑස් සහ ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ෆෙඩරල් ආණ්ඩුවේ බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව ගොවින් දිල්ලි අගනුවරට ඇතුළු වීමට දරන උත්සාහයේ දී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මෙම විරෝධතාවයට සහභාගී වූ සමහර ගොවින් බුල්ඩෝසර් සහ වෙනත් විශාල ට්‍රැක්ටර් ද රැගෙනවිත් තිබෙන අතර ඔවුන් ඒවා උපයෝගී කර ගෙන බාධක බොහොමයක් ඉවත් කර ගෙන තිබෙනවා.

තම නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් ලබාදිය යුතු බව පවසන ගොවීන් විරෝධතා තවදුරටත් උත්සන්න කරන බවට අනතුරු අඟවනවා.

මෙවැනි පසුබිමක සමඟිය පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් යැයි සඳහන් කරමින් කෘෂිකර්ම අමාත්ය අර්ජුන් මුන්ඩේ ගොවීන්ට නැවත වටයක් සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස ආරාධනා කර සිටිනවා.