පුරුෂයන්ගේ මඳ සරු භාවයට විසඳුමක් ලෙස ඊශ්‍රායලයේ බාර්-ඉලාන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් රසායනාගාර පරිසරයක් තුල සාර්ථකව වෘෂණ කෝෂ යුගලයක් වර්ධනය කිරීමට සමත් වී තිබෙනවා.
අලුත උපන් මීයන්ගේ නොමේරු වෘෂන කෝෂ වලින් නිස්සාරණය කරන ලද සෛල භාවිතයෙන් මෙම කුඩා හා කෘතිම අවයව සාදා තිබෙනවා.
මෙම කෘතීම වෘෂණ ස්වාභාවික මී වෘෂණවලට ස්වරුපයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් සමාන වන බවයි එම විද්‍යාඥයන් සඳහන් කරන්නේ.
එසේම ඒවා සති නවයක් දක්වා කාලයක් හොඳින් ක්‍රියා කර ඇති අතර එම කාලය මීයකු තුළ ශුක්‍රාණු නිපදවීමට සහ මුදා හැරීමට ප්‍රමාණවත් කාලයක් ලෙස සලකනු ලබනවා.
ඒ අනුව මේ හරහා යමින් මානව ප්‍රාථමික සෛල භාවිතයෙන් මිනිසාට සමාන වෘෂණ වර්ධනය කිරීම ඔවුන්ගේ ඊළඟ අරමුණ වී ඇති බවයි Dr. Nitzan Gonen සඳහන් කරන්නේ.
ශුක්‍රාණු සෛල නිෂ්පාදනය, ගබඩා කිරීම සහ පරිණත වීම සහ ප්‍රාථමික පිරිමි ලිංගික හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් සංශ්ලේෂණය කිරීම වෘෂණ වල ප්‍රධාන කාර්යය වනවා.
ජානමය සහ විවිධ හේතුවෙන් වෘෂණ වල මෙම ක්‍රියාවලිය නිසියාකාරයෙන් සිදු නොවීම පිරිමින් තුල මඳ සරු භාවය ඇති වීමට හේතු වෙනවා.


