කෝවිලකින් දුන් පූජාව ආහාරයට ගත් 200ක් රෝහලේ

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා දිස්ත්‍රික්කයේ පිහිටි ලෝනාර් හි ආගමික උත්සවයක් අතරතුර කෝවිල විසින් ලබා දුන් ප්‍රසාද් හෙවත් පූජාව ආහාරයට ගැනීම හේතුවෙන් පුද්ගලයන් 200ක් රෝහල් ගත කර තිබෙනවා.

ඔවුන්ගෙන් 142 දෙනෙක් ග්‍රාමීය රෝහලට සහ තවත් 35 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා වැඩි පහසුකම් සහිත රෝහලකට ද ඇතුලත් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් බොහොමයක්ම මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

එසේම එම ප්‍රසාද් සාම්පල ද මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා රසායනාගාර වෙත යවා තිබෙන්නේ.