2023 (2024)අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද(20) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
නැටුම්(දේශිය), නැටුම්(භරත), සංගීතය(පෙරදිග), සංගීතය (කර්ණාටක), නාට්‍ය හා රංග කලාව (සිංහල/දෙමළ), ගෘහ ආර්ථික විද්‍යාව (සිංහල, දෙමළ) යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.
මෙම විෂයයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාල පාසල්වල විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයටද තැපැල් මගින් යවා තිබෙනවා.
කෙසේවෙතත් අදාළ ප්‍රවේශපත්‍ර නොලැබුන අයෙක් වේ නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි වනවා.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්,


