ඉන්දියාව නැවතත් ලොකු ලූනු අපනයනය කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් ලොකු ලූනු අපනයනය කිරීමේ තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් මෙහි දී සිදු නොවන බවයි ඉන්දියානු රජය සඳහන් කරන්නේ.
ඒ අනුව සීමිත තොග ප්රමාණයක් ඉන්දියානු රජය විසින් විදේශ රටවල රජයන් වෙත ද්විපාර්ශ්වික අරමුණු කර ගනිමින් අපනයනය කරනු ඇත.
නැවතත් ඉන්දියානු ලොකු ලූනු මෙරටට ගෙන්වීමත් සමඟ මෙරට වෙළඳපොලේ ලොකු ළුණු මිල ද පහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

