ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළට

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 307.47 ක් ලෙස සහ විකුණුම් මිල රු. 317.29ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ද රුපියල ඉහළ ගොස් තිබෙනවා.