ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළු නිදහස ජනතා සභාවේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පිරීස් පවසනවා.
අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මීළඟ ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළහොත් එය ආණ්ඩුවට ජාත්‍යන්තර සහාය අහිමි වීමට හේතු වනු ඇති බවයි.

