පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රික ගැටුම් වලින් 64ක් ජීවිතක්ෂයට

පැපුවා නිව්ගිනියාහි කඳුකර ප්‍රදේශයක් වන එංගා පළාතේ හයිලන්ඩ්ස්හි ආදිවාසීන් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 64 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

එරට පොලිසිය සඳහන් කර ඇත්තේ මෙම පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

හයිලන්ඩ්ස් ප්‍රදේශයේ ඉඩම් සහ ධනය බෙදා ගැනීම සම්බන්ධයෙන් දිගු කාලයක් තිස්සේ විවිධ ගැටුම් පවතින නමුත් මෙය මෙතෙක් සිදු වූ දරුණුතම ඝාතනය බවයි වාර්තා වෙන්නේ.

ගෝත්‍රික ජනතාව වෙතට නීති විරෝධී ගිනි අවි ලැබීම මෙලෙස මෙම ගැටුම් උග්‍ර වීමට හේතු වී තිබෙනවා.

ඒ හේතුවෙන් පසුගිය ජූලි මාසයේ සිට මාස 03ක කාලයක් දක්වා එංගාහි ඇඳිරි නීතිය ද පනවා තිබුනා.