ආණ්ඩුව මිනිසුන්ගේ නිදහස සීමා කිරීමේ ප්‍රයත්නයක – විපක්ෂනායක

බංකොලොත් රටේ ජනතාවට, රටට, ගමට වැඩක් නොමැති අසාර්ථක රජයක් පවතින බවත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ජනතාව නොමරා මරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත, ත්‍රස්තවිරෝධි පනත උපයෝගී කර ගෙන මිනිසුන්ගේ නිදහස සීමා කරන්න කටයුතු කරන බවත් සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය නැති කිරීමට උත්සාහ කරන බවයි.

පොළොන්නරුව කඳුරුවෙල අල්මීනා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 102 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි හෙතෙම මෙම අදහස් පළ කළේ.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවට සාපයක් වූ ජන දුක හදුනන්නේ නැති වත්මන් රජය වෙනස් වීමේ වසර 2024 වසර බවත් මේ වෙනස්වීමත් සමඟ මෙරට අධ්‍යාපන පද්ධතිය උසස් වෙනස් මානයකට ගෙනවිත් දූදරුවන් දැනුමෙන් හැකියාවෙන් නිපුණතාවෙන් ශක්තිමත් කිරිම තුළ ජයග්‍රාහී දේශයක් බිහි කරන බව‍යි.