වායු දූෂණය හේතුවෙන් මල් වල සුවඳ වෙනස් වන ලකුණු

පොසිල ඉන්ධන දහනය සහ අනෙකුත් හේතූන් නිසා වායුගෝලයේ අහිතකර වායු සාන්ද්‍රණය දිනෙන් දින වැඩි වෙමින් යනවා.

මෙම වායු දූෂණ තත්ත්ව හේතුවෙන් මල් වල සුවඳ ආදී සියුම් දේවල් වලටත් දැන් බලපෑම් ඇති වෙන්න පටන් අර ගෙන කියලා තමයි විද්‍යාඥයන් කියන්නේ.

මලක සුවද කියන්නේ එහි පරාගන ක්‍රියාවලිය සිදු කිරිමට කෘමින් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් වනවා.

ඉතින් මේ ආකාරයට මල් වන සුවඳ වෙනස් වීම හේතුවෙන් ඒවා කෘමීන්ට අදුර ගන්න බැරි වෙලා එහි පරාගන ක්‍රියාවලියට විශාල බලපෑමක් එල්ල වෙන්න පුළුවන් කියලා තමයි අනතුරු අඟවන්නේ.

විශේෂයෙන් රාත්‍රී කාලයේ පිපෙන මල් වල පරාගන කටයුතු කිරීම සඳහා එය දැඩි ලෙස බලපානවා.

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ රිෆල් සහ අනෙකුත් විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ NO3 ලෙස හඳුන්වන නයිට්‍රේට් මෙලෙස මල් වල සුවඳ වෙනස් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන බවයි.

ගෑස්, ගල් අඟුරු, බලාගාර සහ අනෙකුත් බලශක්ති සහ ස්වාභාවික ප්‍රභවයන් හරහා NO3 පරිසරයට මුදා හරිනු ලබනවා.

ඉතා තියුණු දැනීමක් සහිත සළඹයන් විශේෂ දෙකක් යොදා ගනිමින් මෙම NO3 වලට නිරාවරණය කරන ලද මල් ආශ්‍රිතව කරන ලද පරීක්ෂණය දී පෙනී ගොස් ඇත්තේ එක් සළඹ විශේෂයකට පමණක් සුළු වශයෙන් මල් පිහිටි ස්ථාන හඳුනා ගැනීමට හැකි වූ බවයි. අනෙක් විශේෂයට කිසිසේත්ම එක මලක්වත් හඳුනා ගැනීමට නොහැකි වී තිබෙනවා.

මෙම පරීක්ෂණය රාත්‍රී කාලයේ දී සිදු කර තිබෙනවා.

NO3 සූර්යයාලෝකය හමුවේ විනාශ වීම හේතුවෙන් මෙම තත්ත්වය දිවා කාලයේ පිපෙන මල් සඳහා එතරම් දුරට බල නොපානු ඇති බවයි විද්‍යාඥයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.