ඩොලර් මිලියන 355කට ආසන්න දඩ මුදලක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට නියෝග කර තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව ඩිමොක්රටික් පාක්ෂිකයෙකු වන නිව්යෝර්ක් නීතිපති ලෙටිෂියා ජේම්ස් විසින් ගොනු කරන ලද සිවිල් වංචා නඩුව විභාගයට ගත් අවස්ථාවේ දීයි.
මෙම චෝදනාවට වැරදිකරුවන් වී සිටින ට්රම්ප්ගේ පුතුන් වන ඩොන් ජූනියර් සහ එරික් හට ද ඩොලර් මිලියන 4 බැගින් ගෙවන ලෙසට නියෝග කරනු ලැබුවා.
එසේම අධිකරණය විසින් නිව් යෝර්ක් සංස්ථාවක හෝ වෙනත් නීතිමය ආයතනයක නිලධාරියෙකු හෝ අධ්යක්ෂවරයෙකු ලෙස වසර තුනක කාලයක් සේවය කිරීම ද ඩොනල්ඩ් ට්රම්ප්ට තහනම් කර තිබෙනවා.
ට්රම්ප් නීතිවේදියෙකු වන ඇලිනා හබ්බා මෙය දේශපාලනික පලිගැනීමක් සහ අසාධාරණයක් ලෙස මෙම තීන්දුව හඳුන්වා දී තිබෙනවා.

