එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා – පැසිෆික් කළාපීය සමුළුව අනිද්දා කොළඹදී ආරම්භ වීමට නියමිතයි.
එය මේ මස 22 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
මෙම සමුළුවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාද ඇතුලුව ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ව තිබෙන බවත් එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවැසුවේය.

