2024 LPL තරගාවලිය ලබන ජූලි 1 වන දා සිට 21 වන දා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.
කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගය සම්පූර්ණ තරග 24කින් සමන්විත වනවා.
එහි පළමු වටයට තරග 20ක් පැවැත්වෙන අතර අවසන් වටයට සුදුසුකම් ලැබීමේ 1 සහ 2 සහ එලිමිනේටර් ඇතුළු තරග 4ක් පැවැත්වේ.
සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් ක්රීඩකයින් 20 දෙනෙකුගෙන් සහ උපරිම වශයෙන් ක්රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත වන අතර විදේශ ක්රීඩකයින් 6 දෙනෙකුගෙන් ද එක් එක් කණ්ඩායම් සමන්විත වනවා.

