යුක්රේන ජනපති Volodymyr Zelenskyy මේ සතියේ ජර්මනියේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි දී ඔහු බර්ලිනයේ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ පැරිසියේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් හමු වීමට නියමිතව තිබෙනවා.
එසේම ඔහු මියුනිච් ආරක්ෂක සමුළුවේ දී දේශනයක් ද පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊට සමගාමිව එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස්, චෙක් ජනාධිපති පීටර් පවෙල්, ඩෙන්මාර්ක අගමැති මෙට් ෆෙඩ්රික්සන් සහ නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් යන ය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි යුක්රේනයේ ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ.
රුසියාවේ ආක්‍රමණයෙන් පසු නැවත ගොඩනැඟීමේ වියදම් පියවා ගැනීම සඳහා යුක්රේනයට ඩොලර් බිලියන 486 (යුරෝ බිලියන 452) අවශ්‍ය බව ලෝක බැංකුව, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුක්රේන රජය ප්‍රකාශ කර තිබෙනවා.
යුක්රේන අගමැති ඩෙනිස් ෂ්මිගල් පැවසුවේ රාජසන්තක කරන ලද රුසියානු වත්කම් මෙම මුදලින් බොහෝ කොටසක් ගෙවිය යුතු බවයි.

