පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා වන ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර තිබෙනවා.
නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අවශ්‍ය සහාය ලබා දෙන බව බව භූතෝගේ පී පී පී පක්ෂයට සඳහන් කර තිබුණි.
මැතිවරණයේදී නවාෆ් ෂරීෆ්ගේ PML-N පක්ෂයට ආසන 75 සහ භූතෝගේ PPP පක්ෂයට ආසන 54 බැගින් හිමි වුණා.
මෙම පක්ෂ දෙක 2022 දී ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීම සඳහා මූලික වී ක්‍රියාකරන ලද පක්ෂ දෙක වනවා.
කෙසේවෙතත් ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf (PTI) පක්ෂයෙන් තරඟ වැදුණු ස්වාධීන අපේක්ෂකයින් අනපේක්ෂිත ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් වන ආසන 93ක් හිමිකර ගැනීමට සමත් වුණා.
මෙලෙස බහුතර ආසන සංඛ්‍යාවක් ස්වාධින අපේක්ෂකයන් විසින් හිමි කර ගැනීම හේතුවෙනුයි පකිස්තානයේ රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී ඇත්තේ.

