ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් සැකකරුවන් 625 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 545 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 80 ක් ද මේ අතර වනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් 160g, අයිස් 152g , ගංජා 10 kg 745 g , ගංජා පැල 34,237, මාවා 31g , මත්පෙති 683, තූල් 226g, මදන මෝදක 264g අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 545 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරු වෝ 07 ක්ද සිටිති.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 80 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 03 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවෝ 74 ක්ද වනවා.

