දිස්ත්‍රික්ක කිහිපයක වායුගෝලයේ ගුණාත්මකබව පහළට

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා පහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් කොළඹ, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්කවල වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යමය වශයෙන් අයහපත් බලපෑම් ඇති විය හැකි මට්ටමේ පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

වියළි කාලගුණ තත්ත්වය හා අසල්වැසි රටවලින් හමා එන අහිතකර දූවිලි අංශු එම තත්ත්වයට හේතු වී ඇති බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් හෘද රෝග, ශ්වසන රෝගවලින් පසු වන පුද්ගලයින්, වයස්ගත පුද්ගලයින් හා කුඩා ළමුන් එළිමහනේ දී මුව ආවරණ පැළලඳීම සිදුකිරීම වැදගත් වන බව අවධාරණය කර තිබෙනවා.