හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට හෙට සවස 5.00 සිට පසුදින (11) උදෑසන 8.00 දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටවනු ලබනවා.