අස්වැසුමේ නව අයදුම්පත්‍ර කැඳවීම හෙට සිට

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීම සඳහා වූ අයදුම්පත්‍ර කැඳවීම හෙටින් ආරම්භ වනවා.

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

එසේම පවුල් තෝරා ගැනීමේදී සිදුවු නිර්ණායක ප්‍රකාරව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට හැකියාව පවතිනවා.