ලබන වසරේ සිට ලංකාවට LNG

ලබන වසරේදී ශ්‍රී ලංකාවට LNG හෙවත් ස්වාභාවික ද්‍රව වායු සැපයීම ආරම්භ කරන බව ඉන්දියාවේ විශාලම ද්‍රව ස්වභාවික වායු සමාගම වන පෙට්‍රොනෙට්හි විධායක නිලධාරී අක්ෂේ කුමාර් සිං ප්‍රකාශ කරනවා.

ඉන්දීය බලශක්ති සතියට සමගාමීව ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ දිනකට ගෑස් ටොන් 850ක්, ටොන් 17 බැගින් වූ බහාලුම් මගින් ශ්‍රී ලංකාවට සැපයීමට අපේක්ෂා කරන බවයි.

එසේම ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන පාවෙන ගබඩා ප්‍රති වායුකරණ ඒකකයේ ඉදිකිරීම් කටයුතු ද ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරත් සඳහන් කළේ.