පැතුම් නිස්සංක වාර්තා අලුත් කරයි

අද ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරඟය අතරතුර දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.

ඔහු නොදැවී පන්දු 139කදී ද්විත්ව ශතකයක් සමඟින් ලකුණු 210ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එක්දින ජාත්‍යන්තර තරගයකදී ලබා ගත් ප්‍රථම දිවිත්ව ශතයකය සහ වැඩිම ලකුණු ප්‍රමාණය යන වාර්තා තමන් සතු කර ගැනීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් ඇතුළත් වූවා.

මින් පෙර එක්දින ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විසින් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයට හිමි වාර්තාව 2000 වසරේදී ලකුණු 189ක් රැස් කරමින් සනත් ජයසූරිය විසින් තබා තිබුණා.

අද තරඟයේ පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 381ක් රැස් කිරීමට සමත් වුණා.