යුක්තියෙන් තවත් 785ක් අත්අඩංගුවට

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලින් සැකකරුවන් 785ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 596 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 189 ක් මේ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 05 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.