පාන් නියමිත බරට ඇති ද යන්න සොයා බැලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන වැටලීම් ඊයේ (05) දිනයේ දී ආරම්භ කළා.
එහිදී බේකරි සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්රමාණය මෙන්ම මිල ප්රදර්ශනය නොකළ බේකරි 50ක් පමණ සොයා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව එම ආයතනවලට ඉදිරියේ දී නඩු පැවරීමට පියවර ගන්නා බවයි අධිකාරිය සඳහන් කරන්නේ.

