නිල සංචිත ඉහළට

පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 4.4 දක්වා 2.3% කින් ඉහළ ගොස් තිබෙනවා.

එය දෙසැම්බර් මාසයේදී සටහන් වුණේ ඩොලර් බිලියන 4.3ක් ලෙසයි.

මෙම සංචිත ප්‍රමාණයට චීන හුවමාරු පහසුකම ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරන්නේ.