තෙවන චාල්ස් රජුට පිළිකාවක්

3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා.

කෙසේවෙතත් රජුට වැළඳී ඇත්තේ කුමන ආකාරයක පිළිකාවක් ද යන්න එම නිවේදනයේ සඳහන් කර නැහැ.

75 වන වියෙහි පසුවන චාල්ස් රජුට මෑතකදී රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා අවස්තාවක දී මෙම පිළිකා තත්ත්වය හඳුනා ගෙන තිබෙනවා.

මේ වනවිට රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල්දමා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ඔහු විසින් ඉටු කරන කටයුතු වලින් බොහොමයක් විලියම් කුමරු විසින් සිදු කරනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

දේශපාලනඥයන්, ආගමික නායකයන් සහ විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් රජුට ඉක්මන් සුවය සහ සහයෝගය දක්වමින් පණිවිඩ නිකුත් කර තිබෙනවා.