හූති සටන්කාමීන්ට එරෙහිව තවත් ප්‍රහාර

යේමනයේ පිහිටි හූති සටන්කාමීන්ගේ ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඇමරිකාව සඳහන් කරනවා.

මෙම ප්‍රහාර වලින් හූති සටන්කාමීන්ගේ රතු මුහුදේ නැව්වලට එරෙහිව දියත් කිරීමට සූදානම් කර තිබූ ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිලයක් සහ නැව් නාශක මිසයිල හතරක් විනාශ කර තිබෙනවා.

එක්සත් රාජධානිය සහ ඇමරිකාව විසින් එල්ල කරන ලද ඒකාබද්ධ ප්‍රහාරයෙන් දිනකට පසුවයි මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ.