උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලක්

ලබන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව ලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහිදී මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000ක් ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළැඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනුයි.

රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.