ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රිය අනිද්දා (7) පස්වරු 4.00 ට ත්‍රිකුණාමලයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ.ඉඳිපොලගේ මහතා දැනුම් දෙනවා.
ඒ කැකිරාව – ගනේවල්පොල මාර්ගයේ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර 118 සැතපුම් කණුව අසළ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමක් හේතුවෙනුයි.
එම දුම්රිය සාමාන්‍යයෙන් පස්වරු 12.15 ට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරනු ලබනවා.

