කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බල ප්‍රදේශවල මාර්ග කිහිපයක් ජල නල එළීමක් හේතුවෙන් හෙට සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව උත්තරානන්ද මාවත, පෙරහර මාවත සහ නවම් මාවත යන මාර්ග අදියර 3ක් යටතේ තාවකාලිකව වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
මෙහිදී හෙට (05) සිට එළඹෙන 19 වනදා දක්වා උත්තරානන්ද මාවතේ නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබීමට නියමිතය.
එසේම පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවතේ පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබීමට නියමිතය.
එහි තුන්වන අදියර යටතේ මාර්තු මස 05 වනදා සිට මාර්තු 11 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත පෙරහැර මාවත ආශ්‍රිතව රෝටුන්ඩාගාඩ්න් මංසන්ධිය කොටස වසා තැබෙන බව පොලීසිය පවසයි.
අපජලය මුදාහැරෙන නළ මාර්ගයක් කොළඹ වරාය නගරය දක්වා සම්බන්ධ කිරීම හේතුවෙනුයි මෙලෙස තාවකාලිකව මාර්ග වසා දැමීමට පියවර ගෙන ඇත්තේ.
ඊට අදාළව පොලීසිය විසින් නිකුත් කර තිබූ නිවේදනය පහතින්.


