කාශ්මීරයේ භූ කම්පනයක්

අද (04) පස්වරු 2.37ට පමණ ඉන්දියාවේ කාශ්මීර්හි කාර්ගිල් ප්‍රදේශයේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එය රික්ටර් මාපකයේ ඒකක 3.5ක ප්‍රබලත්වයෙන් යුත් වන බවයි ඉන්දීය භූ කම්පන කාර්යාංශය වාර්තා කර ඇත්තේ.

මෙම කම්පනය කිලෝමීටර් 10ක පමණ ප්‍රදේශයකට දැනී තිබෙනවා.

කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්.