බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව එක්ව ඉරානයේ සහය ලබන ත්‍රස්තවාදී කණ්ඩායමක් වන හූති සටන්කාමීන්ට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාර දියත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යේමනයේ ස්ථාන 13ක හූති ඉලක්ක 36ක් වෙත මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි.
එම ඉලක්ක අතරට ගැඹුරු ලෙස වළලනු ලැබූ ආයුධ ගබඩා, මිසයිල පද්ධති, ගුවන් ආරක්ෂණ පද්ධති සහ රේඩාර් මධ්‍යස්ථාන ද අන්තර්ගත වී තිබෙනවා.
එසේම ඔවුන්ට අයත් නැව් නාශක මිසයිලයක් ද මෙහි දී විනාශ කිරීමට හැකි වූ බවයි ඇමරිකාවේ Centcom සඳහන් කරන්නේ.
මෙම ප්‍රහාර සඳහා ඕස්ට්‍රේලියාව, බහරේනය, කැනඩාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ නවසීලන්තය යන රටවල හමුදා ද සහාය වී තිබෙනවා.
මෙම ප්‍රහාරයත් සමඟ රුසියාව සහ ඉරාන හිතවාදී සාමාජිකයන්ගේ ඉල්ලීම මත හෙට (05) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසි රැස්වීමක් කැදවීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

