අද සුරාසැල් වැසෙයි

අදට යෙදෙන 76 වැනි නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දමා තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පෙබරවාරි මස 3 වැනිදා සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වැනි සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා, සියලු සුරාසැල් විවෘත කිරීමෙන් වළකින ලෙසයි.