සෞඛ්‍ය වැඩවර්ජනය අද දෙවැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කරනවා.
වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී වර්ජනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමිනුයි සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්වී මෙම වර්ජනය ආරම්භ කෙරුනේ.
වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් වල වැඩ කටයුතු අඩාල වූ අතර සමහර රෝහල් වල වැඩ කටයුතු පවත්වා ගෙන යෑම සඳහා හමුදාව කැඳවා තිබුණා.

