කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් පිපිරීමක් හේතුවෙන් ඇති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එසේම එම අනතුරින් තවත් පුද්ගලයන් 222 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවයි කෙන්යාවේ බලධාරීන් සඳහන් කරන්නේ.
එරට දේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ දී පමණ ගෑස් නැවත පිරවීමේ සමාගමක මෙම ගින්න ඇති වී තිබෙනවා.
කෙසේවෙතත් ගින්නට හේතුව තවම අනාවරණය වී නොමැති බවයි වාර්තා වෙන්නේ.

